Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියෙන් ලක්ෂ ගණනින් ත්‍යාග දිනා ගැනීමට ඔබටත් අවස්ථාවක්

3 years ago

නීතිවිරෝධී ගිනිඅවි හා බෝම්බ පොලිස් භාරයට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාගයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සියලුම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරී සහ අධ්‍යක්ෂවරුන් වෙත මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බවයි පොලිසිය පවසන්නේ.

එවැනි තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන අතර පහත පරිදි මුදල් ත්‍යාගයන් ලබාදීමට නියමිතව තිබෙනවා.