Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හුංගම දරුණු රිය අනතුරක්! 5ක් රෝහලේ!

3 years ago

මාතර – කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම මැදඑළිය ප්‍රදේශයේදී අද (24) දහවල් වෑන් රථයක් හා කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ බේරුවල ප්‍රදේශයේ සිට කතරගම බලා යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථය ගමන් කළ මංතීරුවෙන් පිටතට ගමන් කොට ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී ඇති බවයි.

අනතුරෙන් වෑන් රථයට බරපතල හානි සිදුව ඇති අතර එහි ගමන් කළ සිව්දෙනෙකු තුවාල ලබා තිබුණි.