Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිවුරු දරාගෙන පවුල් පිටින් හිඟා කෑ පවුලක් අත්අඩංගුවට

3 years ago

චීවරධාරියෙකු ලෙස පෙනී සිටිමින් දරුවන් සමඟ සිඟමන් යැදි පුද්ගලයෙකු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බම්බලපිටියේ ශාන්ති විහාරයේ වැඩවසන හිමිනමක් විසින්, සිවුරු පොරවාගත් තැනැත්තෙකු, කාන්තාවක්, දරුවෙක් හා දැරියක් ගෙයින් ගෙට ගොස් සිඟමන් යදින බවට පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

ඒ අනුව සිදුකළ විමර්ශනයෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, වයස අවුරුදු 38ක් වූ ගලහේනකන්ද, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී භික්ෂු හැඳුනුම්පතක් තිබී නොමැති අතර, මොහු නාරම්මල ප්‍රදේශයේ පිරිවෙනක පෙදරේරුවෙකු ලෙස සේවය කර කෙටි කාලයක් විහාරස්ථානයක පැවිදිව සිට ඇති බවත් පසුව එම විහාරස්ථානය හැර ගිය අයෙකු බවටත් අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයා සමග සිටි වයස අවුරුදු 13ක පිරිමි දරුවා දහ අවුරුදු 14ක ගැහැනු දරුවා ඔහුගේ බවට අනාවරණය වූ තොරතුරු අනුව අනාවරණය වුවත්, එම පුද්ගලයා අන් අයෙකු ලෙස පෙනී සිටිමින් දරුවන්ව කෘෘරත්වයට පත්කිරීමේ වරද මත බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මොවුන් සමඟ සිටි භික්ෂුණිය හට ලියාපදිංචි භික්ෂු හැඳුනුම්පතක් සන්තකයේ තිබී ඇති අතර, දරුවන් ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානයට යොමු කර තිබෙනවා. (source – monara)