Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය සේවක වැටුප ගැන ඉදිරි සතියේ තීරණයක් ගැනීමට සැරසෙයි

3 years ago

රාජ්‍ය සේවකයින් සඳහා ලබා දී ඇති වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එළැඹෙන සතිය තුළ තීරණය කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා එකතුව පවසයි.

එම සේවා එකතුවෙහි සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 20,000ක දීමනාවක් ලබාදෙන ලෙස සිය සේවා එකතුව විසිම් ඉල්ලීම් කරන බවය.

“ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට ජනවාරියේ ලබාදීලා තියෙන රු 5,000ක දීමනාවත්. ඉතිරි රු 5,000 දීමනාව අප්‍රේල්වල ලබාදෙන්න තිබීමත් අපි කියන්නේ ප්‍රමාණවත් නෑ. අවම රු 20,000 දීමනාවක් වෙනුවෙන් තමා වැඩකරන ජනතාව සටන් කළේ. රාජ්‍ය හා පළාත් වෘත්තීය සමිති එළැඹෙන 29 වනදා කොළඹ දී රැස්වෙනවා. මේ තියෙන ජීවන වියදම අනුව ජීවත් වීම සඳහා සාධාරණ වැටුප් වැඩිකිරීමක් හෝ දීමනාවක් ලබාගැනීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගන්නවා.”