රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය දැක ගැනීමට මැති ඇමතිවරුන් ඇතුළු කලා තරු බොහෝමයක් අද (25) රාගම රෝහල වෙත පැමිණ තිබෙනවා.
කටුනායක අධිවේගී මාර්ගයේ අද අලුයම සිදු වූ මාරක රිය අනතුරක් හේතුවෙන් අමාත්‍යවරයා ජීවිතක්ෂයට පත් වුණා.
රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ රාත්‍රීයේ කුරුණෑගල සහ හලාවත ප්‍රදේශවල පැවති විවාහ උත්සව දෙකකට සහභාගී වී නැවත කොළඹ බලා යමින් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මිය යන විට 48 වන වියේ පසු වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සිව් දරු පියෙක්.

