Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පන්සලකට වෙඩි ප්‍රහාරයක්

3 years ago

කුරුණෑගල, දොඩම්ගස්ලන්ද – උඩත්තාපොළ පුරාණ විහාරස්ථානයට ඊයේ (24) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව මදුරාගොඩ පොලීසිය පවසනවා.

මෙම විහාරස්ථානයේ විහාරාධිපති ගල්නෑවේ පඤ්ඤාකිත්ති හිමියන් වැඩ වසන කාමරයේ ජනේලයකට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණා.

කෙසේවෙතත්, පඤ්ඤාකිත්ති හිමියන් එම අවස්ථාවේ දී ලැගුම් ගෙයි වෙනත් ස්ථානයක සැතපී සිටි බැවින් උන් වහන්සේට හානියක් සිදු ව නැති බව ද පොලීසිය සඳහන් කළා.

පොලිස් පරීක්ෂණවලට අනුව බඳින තුවක්කුවක් හා සමාන කුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන බව හෙළි වී තිබෙනවා.