නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරය අද (26) මධ්‍යම රාත්‍රියේ දී වාර අවසන් කිරීමට නියමිතව ඇති බවට එහි ආරංචි මාර්ග පවසනවා.
මීට පෙර 24 වැනිදා වාර අවසන් කිරීමටයි සැලැසුම් කර තිබුණේ.
කෙසේ වෙතත් නොවැළැක්විය හැකි හේතුවක් මත එය කල් ගිය බව සඳහන්.
ඒ අනුව අදින් වාර අවසන් කරන පාර්ලිමේන්තුව ලබන මස 07 වැනිදා විවෘත කෙරෙනු ඇති.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විසින්.
අවසන් වරට පාර්ලිමේන්තුව 23 සහ 24 යන දෙදින තුළ රැස්වුණා.
එහි දී මාර්ගගත ක්‍රම සුරක්ෂිතතාව පිළිබඳ පනත කෙටුම්පත විවාදයට ගෙන එය සම්මත කරගැනීමත් විශේෂත්වයක්.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කෝප්, කෝපා ඇතුළු කාරක සභා පනහකට වැඩි සංඛ්‍යාවක් අහෝසි වනු ඇති.
නව පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කිරීමෙන් අනතුරුව එම කාරක සභා නැවත ස්ථාපිත කළ යුතු වනවා.

