රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් එම රථය පැදවූ රියදුරා පොලීසියට කරුණු හෙළිකර තිබේ.
ඒ අනුව රියරුදු පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ,
“අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න බලාගෙන ආවේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා. ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා.”
විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට කිලෝමීටර් 160 ඉක්මවූ වේගයකින් ධාවනය කර ඇති බවද මාධ්‍ය වාර්තා පළවෙයි.
මේ අතර, “මට මාරක අපල තියෙනවා කියලා හඳහන බලපු ජ්‍යොතිෂවේදියෙක් කිව්වා” යැයි රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මීට දින කිහිපයකට පෙර මාධ්‍යවේදීන් සමග පැවැති සුහද හමුවකදී ප්‍රකාශ කර ඇති බවද වාර්තා වෙයි.
තවද දේශපාලනයෙන් සමුගන්නා ලෙසට පවුලේ සාමාජිකයන් තමාගෙන් ඉල්ලා සිටින බව ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත.

