රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමඟ වාහනයේ ගමන් ගත් ඔහුගේ ආරක්ෂක නිලධාරියාද අදාළ අනතුර හේතුවෙන් මරණයට පත් වුණා.
මෙසේ මිය ගියේ කොස්තාපල් ජයකොඩි වන අතර ඔහු අවසන් වරට අනතුර සිදුවීමට පෙර දා රාත්‍රී 11 පමණ ඇගේ බිරිඳට ඇමතුමක් ගෙන තිබෙනවා.
වෘත්තියෙන් හෙද නිලධාරිනියක් වුණ ඇගේ බිරිඳ එම අවස්ථාවේ රෝහලේ රාජකාරී කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පොලිස් නිලධාරියා මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මියගිය පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මිය යන විට 43වන වියේ පසුවූ අතර, ඔහුගේ අවසන් කටයුතු හෙට හෑදෙණිය මරවනාගොඩ ප්‍රදේශයේ දී සිදු කිරීමට නියමිතයි.
පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ ආරක්ෂක ලෙස සේවය කිරීමට පටන්ගෙන ඇත්තේ මීට වසර 7කට පෙර සිටයි.
කොස්තාපල්වරයා මරණය පිළිබඳ ඔහුගේ මස්සිනා දැක්වූයේ මෙවන් අදහසක්,
“මීට අවුරුද්දකට කලින් මිය ගිය දුවගේ දානයට සහභාගි වෙන්න ලබන සතියේ එනවා කියලා තමයි අයියා පෙරේදා ගෙදරින් ගියේ.. දැන් අවුරුදු 07ක් විතරම අයියා සනත් නිශාන්ත ඇමැතිතුමා ළඟ තමයි සේවය කළේ. එදා රෑ 11ට විතර අයියා අක්කට කතා කරලා තියෙනවා.. ඒ වෙලාවේ අක්කා රෝහලේ වැඩ කරමින් තමයි ඉදලා තියෙන්නේ. මේ වගේ දෙයක් වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ.. අයියා කා එක්කත් සහෝදරත්වයෙන් සමගියෙන් හිටි කෙනෙක්.. එයා හරිම හොඳ කෙනෙක්.. පොඩි දුව වයස මාස 10ක් වෙද්දී හදිසියේ මිය ගියා.. ලොකු පුතාට දැන් අවුරුදු 11ක්.. මේ පාර ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉන්නවා.. අක්කා හෙද නිලධාරිනියක් විදිහට සේවය කරනවා.. නිවාඩු ඇවිත් අයියා දවස් කිහිපයක් ගෙදර ඉඳලා පහුගිය 23දා තමයි වැඩට ගියේ.. දුවගේ දානෙට තව සතියක් තියෙන්නේ.. ඒකට නිවාඩු අරගෙන එනවා කියලා ගිය කෙනා තමයි මේ විදිහට අපිව දාලා ගියේ..”
(source – hiru news)

