Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුහල්පති දීමනාව රුපියල් 9000කින් ඉහළ දැමීමට නිර්දේශයක්! ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ඇමතිගෙන් දැනුම්දීමක්!

3 years ago

විදුහල්පති දීමනාව රුපියල් 9000කින් ඉහළ දමන ලෙස නිර්දේශ කර තිබෙනවා.

ඒ විදුහල්පති සේවයේ නොවිසදුණු ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව මගින්.

එම වාර්තාව කමිටුව විසින් ඊයේ අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබුවා.

මහාචාර්ය ගුණපාල නානායක්කාරගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම කමිටුවෙහි හිටපු ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන එම් ඒ ධර්මදාස, පද්මා, සිරිවර්ධන හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත, විශ්‍රාමික ගණකාධිකාරී එස්. ඩබ්ලිව්. ගමගේ එහි සාමාජිකයන් ලෙස කටයුතු කළා.

ප්‍රධාන කරුණු හයක් ඔස්සේ කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

මෙම කමිටු නිර්දේශ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මගින්ද සේවා ව්‍යවස්ථා සංශෝධනය මගින්ද අමාත්‍යාංශ චක්‍රලේඛ හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ද ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.