මහියංගනය, යාය 1 ප්‍රදේශයේ ඇළක දිය නාමින් සිටි පිරිමි දරුවෙකු ඊයේ (ජන. 25) දියේ ගිලී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 6ක් වන දික්යාය, අරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මිය ගිය දරුවා තම පියාගේ සහෝදරියගේ නිවසට ගොස් සිටි අවස්ථාවේ එම නිවස අසල ඇළක දිය නෑමට ගොස් ඇති අතර එහිදී දරුවා සැඩ පහරකට හසුව මීටර 400ක් පමණ දුරට ගසා ගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
මෘත ශරීරය ඌරණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මේ පිළිබඳව මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

