Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි

3 years ago

මාරක රිය අනතුරකට මුහුණ දුන් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (26) දිනයේ පවත්වා තිබෙනවා.

රාගම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න විසින් මෙම මරණ පරීක්ෂණය සිදු කර තිබුණා.

ඒ අනුව, සිදුවූ මාරක රිය අනතුර නිසා ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියවලට සිදුවූ බරපතළ තුවාළ හේතුවෙන් අමාත්‍යවරයාගේ මරණය සිදුව ඇති බවට වෛද්‍යවරයා නිගමනය කර තිබෙනවා.

එමෙන්ම, ඔහුගේ ආරක්ෂකයා ලෙස එම වාහනයේ පසුපස වම් පැත්තේ ගමන් ගෙන අනතුරට ලක් වූ පොලිස් කොස්තාපල් ජයකොඩි ආරච්චිගේ අනුරාධ (44) යන අයගේ මරණයට හේතුව අදාළ අනතුර හේතුවෙන් සිදුව ඇති ඉළ ඇට බිඳී යාම බවද වෛද්‍යවරයා නිගමනය කර තිබුණා.

දවසේ ලග්න පලාපල – 2024 ජනවාරි මස 28වන ඉරිදා