එළඹෙන පෙබරවාරි 04 වන දිනට යෙදෙන නිදහස් දින සැමරුම හේතුවෙන් පොලීසිය විසින් විශේෂ රථ වාහන සැලසුමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කොල්ලුපිටිය හන්දියේ සිට ගාලු මුවදොර දක්වා සහ සෙරමික් හන්දියේ සිට ගාලු මුවදොර දක්වා ගාලු පාර වාහන ගමනාගමනය සඳහා වසා තැබෙන බව පොලීසිය සඳහන් කළා.
ඒ අනුව, ජනවාරි 29 සිට පෙබරවාරි 02 දක්වා පෙරවරු 6.00 සිට 8.30 දක්වා සහ පෙරවරු 11.00 සිට දහවල් 12.30 දක්වා යන කාලය තුළ මෙම මාර්ග වාහන ගමනාගමනය සඳහා වසා තැබීමට නියමිතයි.
එමෙන්ම, පෙබරවාරි 03 වැනිදා පස්වරු 2.00 සිට පෙබරවාරි 04 වැනිදා නිදහස් දින උත්සවය අවසන් වනතුරු එම මාර්ග නැවතත් වාහන ගමනාගමනය සඳහා වසා තැබෙන බව පොලිසිය නිවේදනය කරනවා.

