Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිහිසුණු රිය අනතුරක්! තිදෙනෙකු මිය යයි!

3 years ago

කුරුණෑගල – ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ කිවුල්ගල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව පොලීසිය පවසයි.

ඉන් තවත් අයෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇති කර ඇති බව පොලිසිය සඳහන් කළේය

මිය ගිය තිදෙනා ත්‍රීරෝද රථයේ ගමන් කළ අය වන අතර එම රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති බව පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසීය..

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

නවතම පුවත් (Latest News)