Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හදිසි ගින්නකින් මාවනැල්ලේ කඩ 30ක් ගිනිබත් වෙයි

3 years ago

මාවනැල්ල බස් නැවතුම් පොළ පිටුපස තාවකාලිකව ඉදිකර ඇති වෙළඳසැල් කිහිපයක ඊයේ (28) රත්‍රීයේ ගින්නක් හටගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම ගින්නෙන් වෙළෙඳසැල් 30ක් විනාශ වී ඇති බවයි.

වහාම ක්‍රියාත්මක වී ඇති පොලිසිය, ගිනි නිවීමේ ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මාවනැල්ල පොලිසිය පැවසුවේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.