Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිරිඳව ඝාතනය කළ සැමියාට වසර 14කට පසු අත් වූ ඉරණම

3 years ago

දෙදරු මවක වූ බිරිඳට අතින් පයින් පහරදී නිවසේ කාමරයකට තල්ලු කර දමා භූමිතෙල් වත්කොට සිරුරට ගිනි තබා බරපතළ තුවාල සිදුකර මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකාර සැමියෙකු එම චෝදනාවට වරදකරු බවට තීන්දු කළ උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය ඔහුට මරණීය දණ්ඩනය නියම කළා.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ නොච්චියාගම, පහළ මාරගහවැව, තම්මන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි.

අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකොට තිබුණේ, 2010 වසරේ ජනවාරි මස 26 වැනි දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත් තම්මන්නාවදී සිය බිරිඳට අතින් පයින් පහරදී ඇගේ සිරුරට භූමිතෙල් වත්කොට ගිනිතබා බරපතළ තුවාල සිදුකර ඇය මරා දැමූ බවට මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය ප්‍රකාරවයි.

විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය සඳහන් කළේ, මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට විත්තිකරුට එරෙහිව පැමිණිල්ල නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාව සිටි අජිත් ජයසේන ඇතුඑ 12 දෙනෙකු මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබෙනවා.