Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හමුදා කඳවුරක පොකුණකින් අභිරහස් ලෙස මිය ගිය සෙබළෙකුගේ සිරුරක් හමුවෙයි

3 years ago

අතුරුදහන් ව සිටි හොරණ දොඹගොඩ යුධහමුදා කදවුරේ සෙබළෙකු අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි අගුරුවාතොට පොලිසිය පවසයි .

සෙබලාගේ සිරුර හමුදා භූමියේ පොකුණක තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත

මෙසේ මියගොස් ඇත්තේ ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි 7 වන යුධහමුදා යුධෝපකරණ බළකායට අයත් සාමාන්‍ය සෙබළ ඩබ්ලිව් එම් ටී ලක්ෂ්මන් නමැති අයෙකු ගේ බව පොලිසිය පැවසීය.

මියගොස් ඇති සෙබළා පසුගිය ඉරිදා ශාරීරික අභ්‍යාස පෙලපාලියට පෙනී නොසීටී බැවින් සොයාබලා ඇතත් හමුව නොමැති බවත්, ඒ සම්බන්දයෙන් සෙබළාගේ නිවසද දැනුවත් කර ඇති බවත් යුධහමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

අගුරුවාතොට පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

නවතම පුවත් (Latest News)