Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වකුගඩුවක් විකුණා කුඩු බිස්නස් ඇරඹූ සැකකරුවෙක් අත්අඩංගුවට! වකුගඩුවත් නෑ! කුඩුත් නෑ!

3 years ago

තම වකුගඩුවක් විකුණා රුපියල් ලක්‍ෂ හතක මුදලක් ලබාගෙන එම මුදල යොදවා අයිස් මත්ද්‍රව්‍ය මිලට ගෙන ඒවා විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙක් කාත්තන්කුඩි ප්‍රදේශයේදී පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යද සොයාගෙන තිබෙනවා.

සැකකරු පොලිසියට සඳහන් කර ඇත්තේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීමට මුදල් නොමැතිකම නිසා තම වකුගඩුවක් අලෙවි කළ බවයි.

අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද පුද්ගලයා පෙබරවාරි මස 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.