අස්වැසුම ප්‍රතිලාභීන් අතුරින් ලක්ෂ 3ක පිරිසක් මේ වසර තුළ සවිබල ගැන්වීමට අවශ්‍ය පියවර ගන්නා බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් පවසයි.
ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකට ජපන් භාෂා ප්‍රවීණත්වය ලබාදී විදෙස් රැකියා සඳහා පිටත් කරවීමට ද සූදානමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද(30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

