Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිදහස් දින නිවාඩුව සඳුදා ලැබෙයි ද?

3 years ago

මෙවර ජාතික නිදහස් සැමරුම ඉරිදා දිනයේ යෙදීම නිසා සඳුදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලීම් ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා.

නමුත් ඒ සම්බන්ධයෙන් රජය විසින් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ඒ මහතා සඳහන් කරනවා.

එලෙස ලැබී ඇති ඉල්ලීම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වනවා.

ප්‍රදීප් යසරත්න මහතා මෙම අදහස් පළ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.