රටේ ජනතාවගේ පොදු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම මස 14 වනදා ජනධිපතිවරයා හමුවට පැමිණෙන බව මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කළා.
එම විහාරස්ථානයේ ඊයේ (31) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
මේ අතර මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියන්ගෙන් රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන මස 14 වනදා දක්වා ඊයේ(31) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

