Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක ගුරුවරුන් දැඩි අර්බුදයක

3 years ago

මෙතෙක් ලබාදුන් රුපියල් දෙදහසක ගමන් වියදම් දීමනාව මෙවර නතර කිරීම සම්බන්ධයෙන් උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කරන ගුරුවරු දැඩි නොසන්සුන්තාවකට පත්ව සිටිති.

ඇගයීම් කරන ගුරුවරුන්ට මෙම දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ පවතින ආර්ථිකමය තත්ත්වයන් සැලකිල්ලට ගෙනය.

උසස් පෙළ විභාගයේ විෂයයන් කිහිපයක උත්තර පත්‍ර ඇගයීම් මේ වන ආරම්භ කර තිබෙන අතර හෙට (02 වැනිදා) සිට සියලුම විෂයයන්හි ඇගයීම් ආරම්භ කිරීමට නියමිතය.

මෙම දීමනාව ලබානොදෙන්නේ නම් ඇගයීම් කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු විය හැකි බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං පැවසීය.