Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවතට ?

3 years ago

උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ට ලබාදීමට නියමිත රුපියල් 2,000ක දීමනාව රජය විසින් නෙගෙවීම හේතුවෙන් එම පිරිස මේ වනවිට උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්ව ඇතැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අද (01) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සන්ධානයේ, පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පවසා සිටියේ, මේ හේතුවෙන් එම උත්තර පත්‍ර පරීක්ෂා කළ ගුරුවරු දැඩි ආර්ථික අර්බුදයකට පත්ව ඇති බවය.

“දින කිහිපයක් මේ පිළිබඳව දැනුවත් කළත් මේ රු 2,000 දීමනාවත් අත්තිකාරම් දීමනාවත් ගෙවීමට රජය විසින් කටයුතු කරලා නෑ. ඒ නිසා මේ මධ්‍යස්ථානවල ගුරුවරු අද දහවල් සිට ඇගයීම් කටයුතුවලින් ඉවත්වෙලා වුණා කියලා අපිට වාර්තා කරලා තියෙනවා. මේ දෛනික දීමනාව රු 2,000 වහාම ගෙවන ලෙස ඔවුන් පවසනවා. ඒ නිසයි ඔවුන් ඇගයීම් කටයුතුවලින් ස්වෙච්ඡාවෙන්ම ඉවත්වෙලා තියෙන්නේ. ඒක මේ රටේ අධ්‍යාපනයට දැඩි බලපෑමක්. මේ ගැන ඇමතිගෙන් ඇහුවහම කිව්වා ලබන සඳුදා කැබිනට් පත්‍රිකාවක් දාලා එය අනුමත කරගෙන ඉන් පසුව ගෙවීම් කටයුතු සිදුකරන බවය. මෙච්චර වැදගත් කැබිනට් පත්‍රිකාවක් කලින් නොදා සිටීම ගැන අපි කනගාටුවෙනවා. මෙලෙස රාජකාරියෙන් ඉවත් වීමෙන් බලපෑම් එල්ල වෙන්නේ දරුවන්ට. මෙය ඉතා ඉක්මනින් විසඳන්න කියලා අපි රජයට කියනවා.”

මේ අතර විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ මෙවර ද පසුගිය වසරේ ගෙවන ලද ගාස්තු ප්‍රමාණයම ඒ ආකාරයට උත්තරපත්‍ර පරීක්ෂා කරන ප්‍රධාන පරීක්ෂකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට ගෙවීමට කටයුතු කරන බවයි.

නවතම පුවත් (Latest News)