මරණාධාර සමිතියක නිලධාරියෙකු විසින් අත්තනෝමතික ලෙස සුසාන භූමියක් තුළ අන්නාසි වගා කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පීඩාවට පත්වූ පුවතන් මීරිගම හේනේගම ප්‍රදේශයෙන් අපට වාර්තා වී තිබෙනවා.
එම ප්‍රදේශයේ මරණාධාර සමිතියේ අනුමැතියෙන් එහි භාණ්ඩාගාරිකවරයා විසින් කරගෙන යන අන්නාසි වගාවක් හේතුවෙන් මෘත ශරීර මිහිදන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ඔවුන් පවසන්නේ වසර 15කට පමණ පෙර මෙම අන්නාසි වගාව ආරම්භ කළ අවස්ථාවේ ගම්වාසීන්ද විරෝධතාවක් මතු කර නොමැති බවයි.
නමුත් අන්නාසි වගාව ව්‍යාප්ත කිරීම හේතුවෙන් අක්කර දෙකක පමණ භූමි ප්‍රමාණයකින් සමන්විත සුසාන භූමියේ මේ වන විට භූමදාන කටයුතු සඳහා ඉතිරිව අත්තේ පර්චස් 5ක වපසරියක් පමණක් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.
මේ පිළිබඳව ග්‍රාම නිලධාරීවරයා ඇතුළු වගකිවයුතු නිලධාරීන් දැනුවත් කළද ඊට නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.

