මෙවර නිදහස් දිනය ඉරිදා දිනක යෙදී තිබුනද ඊට පසු දින එනම්, සඳුදා (05) රාජ්‍ය ආයතනවලට නිවාඩු ලබාදීමක් සිදුනොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.
මෙරට 76 වන නිදහස් දිනය පෙබරවාරි 04 වැනිදා එනම්, ඉරිදා දිනයේදී සමරනු ලබනවා.
එලැඹෙන සඳුදා (05) රජයේ නිවාඩු දිනයක් බවට පත්කරන බවට පළවන ඇතැම් වාර්තා අසත්‍ය බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් කියා සිටියේ.

