ජනප්‍රිය ඉන්දීය නිළියක්, නිරූපිකාවක් සහ රියැලිටි තරුවක් වන පූනම් පාණ්ඩේ අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් ඇය මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගිය බවයි ඇයගේ කළමනාකරු ප්‍රකාශ කළේ.
මියයන විට ඇය 32 හැවිරිදි වියේ පසු වූවාය.
2013 වසරේ දී නාෂා චිත්‍රපටයේ රංගනයට එක්වෙමින් පූනම්, බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වුණා.
පූනම්ගේ ඉන්ටග්‍රෑම් ගිනුමේ රසිකයන් බිලියනයකට වඩා සිටි බවයි පැවසෙන්නේ.
2011 ලෝක කුසලානයේදී ඉන්දියාව ජයගත හොත් නිරුවත් වෙන බවට ඈ කළ ප්‍රකාශය ඉන්දියාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය.

