Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති කෙහෙළිය අත්අඩංගුවට ගැනීමේ සවිස්තරාත්මක විස්තරය

3 years ago

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ කූඨ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් රජයට මුදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සම්බන්ධ නඩුකරයට අදාළවයි.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීම මගහරිමින් සිටි අතර ඊයේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ අධිකරණ නියෝගයක් ලබා දීමෙන් අනතුරුවයි.

මුදල් සහ ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනපතිවරයාගේ නියෝග උල්ලංඝනය කිරීම සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශ ආදිය ගැන පැය 10කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර අවසානයේදී අත්අඩංගුවට ගැනීමටයි රහස් පොලිසිය ක්‍රියා කර ඇත්තේ.

අද (03) වැනි දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අමාත්‍යවරයා ඉදිරිපත් කිරීමට නියනිත බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඔහුට විදෙස් ගමන්ද තහනමක්ද අධිකරණය විසින් පනවා තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැස්ව සිටි සිවිල් සංවිධාන සිය සතුට සමරනු දක්නට ලැබුණා.

නවතම පුවත් (Latest News)