Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙම වසරේ පැවැත්වීමට ඇති සියලු විභාග කල්යාමේ අවදානමක්

3 years ago

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම ප්‍රමාද වුවහොත් මෙම වසරේ පැවැත්වීමට ඇති සියලු විභාග කල්යාමේ අවදානමක් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

මේ වන විට පවතින අධ්‍යාපනයේ ගමන් මගට බාධා කරන ඕනෑම සුළු සිදුවීමකින් පවා පාසල් පද්ධතියට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි ක්‍රියා හේතුවෙන් විභාග කල්යාම පමණක් නොව සම්පූර්ණ පාසල් පද්ධතියේ ක්‍රියාවලියම අඩාල වන බවයි.

මෙම ගැටළුකාරී තත්ත්වය මතුවුණේ ඉකුත්දා පැවැති උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට ගුරුවරුන් තීරණය කිරීමයි.

කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍යංශය ඉන් අනතුරුව නිල නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ගිය වසරේ මෙන් ගුරුවරුන්ට ලබාදෙන දීමනාව කිසිඳු ගැටළුවකින් තොරව මෙවර ද ලබාදීමට පියවර ගන්නා බවයි.

නවතම පුවත් (Latest News)