Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිය ගිය බව කියූ සුරූපී ඉන්දීය නිළියගෙන් සමාජ මාධ්‍ය සටහනක්

3 years ago

ගැබ් ගෙල පිළිකාවකින් මියගිය වාර්තා වූ ඉන්දීය මෝස්තර නිරූපිකාවක් හා රංගන ශිල්පිනියක් වන පූනම් පාණ්ඩේ තමන් ජීවතුන් අතර සිටින බව අද (03) සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ වීඩියෝ පටයක් පළ කරමින් පවසා තිබෙනවා.

ඇය සඳහන් කර ඇත්තේ සිදුවූ හිත් රිදවීම පිළිබඳව කණගාටුව පළ කරන බවයි.

පූනම් පාණ්ඩේ මියගිය බවට ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමක ඊයේ සටහනක් තබා තිබූණි.

ඒ බව සැලවීමත් සමග රංගන ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් ශෝකය පළ කර තිබුණි.

කෙසේවෙතත් තමා ජීවතුන් අතර සිටින බව අද වීඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ගැබ් ගෙල පිළිකා රෝගය පිළිබඳව සමාජයේ අවධානය යොමු කිරීම තම අරමුණ වූ බව ඇය පෙන්වා දී තිබේ.

Poonam Pandey ජනප්‍රිය වූයේ “නාෂා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවීමෙනි.