Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිරකරුවන් නිවාස අඩස්සියට පත් කිරීමට සැරසෙයි

3 years ago

වර්තමානයේ බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීම සඳහා සිවිල් වැරදි සම්බන්ධ වැරදිකරුවන් වන සියලු දෙනා නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙළක් මෙම වසරේ දී ක්‍රියාත්මක කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පවසයි.

මේ සඳහා නීති සකස් කිරීම සඳහා පත් කළ කමිටු වාර්තාව ලබා දීමෙන් පසු මේ වනවිට නීති කෙටුම්පත් අංශය මගින් අදාළ නීති සකස් කරමින් පවතින බවත් එම කටයුතු නිම වීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීම මෙම වසරේ දී ම සිදු කරන බවත් ඔහු අවධාරණය කරයි.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් සමඟ ඇප පනත වැනි පනත් කිහිපයක් සංශෝධනය කිරීමට සිදු වන බව ද ඔහු සඳහන් කර ඇත.