Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ආරම්භයෙන් පසු දැවැන්ත ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්

3 years ago

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව ඉතිරි තුනෙන් දෙකක වැටුප් සංශෝධන ලබා ගැනීම සඳහා එළැඹෙන 05 වැනිදා පාසල් ආරම්භ කිරීමෙන් පසුව දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් වැඩිදුරටත් පැවසුවේ, උසස් පෙළ විභාගයේ පිට වූ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදු නොකිරීමද ගැටලු සහගත බවයි.

මේ සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වා ගෙන යන, අම්පාර ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ගුරුවරයෙකු මෙන්ම මොරටුව මහා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේ කාර්යාල කාර්ය සහායකයෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වුණා.

කෘෂි විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ බහුවරණ ප්‍රශ්න සහිත ඡායාරූපයක් ද අම්පාරේදී අත්අඩංගුවට ගැනුණු ගුරුවරයාගේ ජංගම දුරකථනයේ තිබී සොයා ගැනීමත් සමග බහුවරණ ප්‍රශ්න පත්‍රය ද අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පසුගියදා පියවර ගත්තා.

කෙසේ වෙතත්, මෙලෙස කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදු නොකිරීම ගැටලු සහගත බව ලංකා ගුරු සංගමය පවසනවා.