Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කන්දකාඩුවේ උණුසුම් තත්ත්වයක්! හමුදා සෙබළෙක් ඇතුළු 11ක් රෝහලට!

3 years ago

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ සවස රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් ඇති වී තිබෙනවා.

එම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් දසදෙනෙකු සහ හමුදා සෙබළකු වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිකන්ද පොලිසිය පවසනවා.

මෙම ගැටුමට හේතුවෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර රැඳවියන් විසින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මුළුතැන්ගෙයි සහ තවත් ස්ථාන කිහිපයක දේපළවලට අලාභ හානී කර ඇති බවද පොලිසිය සඳහන් කළා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේපළ අලාභ හානි කිරීමට සම්බන්ධ යොදා ගත් යකඩ පොලු සහ මුගුරු සහ තවත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බවද වැලිකන්ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා.