Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! ඇමති කෙහෙළිය පෞද්ගලික රෝහලකට මාරු වීමට හා සිංගප්පූරුවෙන් ගෙන්වූ බෙහෙත් භාවිතයට අවසර ඉල්ලන බවට ප්‍රකාශයක්!

3 years ago

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර රෝහලේ සිටීමට අපහසු බව පවසමින් පෞද්ගලික රෝහලකට මාරු කර යවන ලෙස ඉල්ලීම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

කෙහෙළිය රඹුක්වැල්ල භාවිතා කර ඇත්තේ සිංගප්පූරුවෙන් මිලදී ගත් ගත් ඖෂධ බවත් ඔහුට බන්ධනාගාර රෝහල තුළදීද එම ඖෂධ භාවිතා කිරීමටද අවසර ඉල්ලා ඇති බවයි වෛද්‍යවරයා පවසන්නේ.

සැබෑ රෝගී තත්වයන්ගෙන් පෙළෙන සිරකරුවන් බන්ධනාගර රෝහලේ ඉඩ පහසුකම් නොමැතිකම නිසා සිර කුටීර තුළ මැරෙන පසුබිමක මෙම ඉල්ලීම් ඉටු කළහොත් එය අනුමත කරන බන්ධනාගාර වෛද්‍යවරුන්ට එරෙහිවත් ක්‍රියාමාර්ග ගත යුතු බවයි, එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පැවැත් වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වෛද්‍යවරයා මෙම අදහස් පළ කළේය.