විද්‍යාපීඨ සිසුන්ගේ ආහාරපාන වෙනුවෙන් දිනකට ලැබෙන රුපියල් එකසිය හැට හයක මුදලකි.
සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥයන්ගේ සංගමයේ ලේකම් ධම්මික මිරිහාන මහතා පැවසුවේ, මේ නිසා සිසුන්ගේ ආහාර වේලේ පවතින පෝෂ්‍යදායී බව දිනෙන් දින පිරිහෙමින් පවතින බවයි.
එම නිසා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල සිසුන්ගේ ආහාර වේල් සඳහා ඒ ඒ පීඨ පරිශ්‍රවල පවතින කොස්, දෙල් ඇතුළු සියලු ආහාර ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගැනීමට පීඨාධිපතිවරු ප්රමුඛ කථිකාචාර්යවරු පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.
එම ආහාර ද්‍රව්‍ය පාරිභෝජනයට පියවර ගත්තේ එම තත්ත්වයෙන් මිදීමට බවත් වාර්තා වේ.
සිසුන්ට දැනට ලබා දෙන රුපියල් පන්දහසක මාසික දීමනාව රුපියල් තුන්දහසකින් වැඩි කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින අතර එම යෝජනාව අනුමත වුවහොත් පිරිමසා ගත හැකි තත්ත්වයක් ඇති වන බව ද ලේකම්වරයා සඳහන් කළා.

