විවිධ කාල වකවානු තුළ ශ්‍රී ලංකාවේ ඇතිවන කාලගුණ විපර්යාසයන් අවම කිරීම සඳහා රජය ගෙන ඇති පියවරයන් මොනවාද යන්න පිළිබඳව සති 6ක් ඇතුළත තම අධිකරණයට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශ්ව කීපයකට ඊයේ (05) නියෝග කර තිබෙනවා.
ඒ පරිසර අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු පාර්ශව කිහිපයකටයි.
අධිකරණයෙන් එසේ නියෝග කර ඇත්තේ, පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක හේමන්ත විතානගේ ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
එම කාලගුණ විපර්යාසයන් අවම කිරීම සඳහා ඉහත කී අදාළ පාර්ශවයන් ගනු ලබන පියවර කුමක් ද යන්න පිළිබඳව තම අධිකරණයට දැනුම් දෙන ලෙසත් එහි පිටපත් පෙත්සම්කාර පාර්ශවයට ලබා දෙන ලෙසත් එහි දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කර තිබෙනවා.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කාංචනා බාලචන්ද්‍රන්, සමන්ති පොන්නම්පෙරුම යන නීතිඥවරුන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ කළ කරුණු සලකා බැලීමකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කර තිබෙනවා.

