නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16ක් වන දැරියක් දූශණය කිරීමේ සිද්ධියකට 32හැවිරිදි සහ 51 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මින් වසර දෙකකට පමණ පෙර ඒම දැරියගේ 14 වැනි උපන් දිනය දා අදාල පෙම්වතා විසින් දැරිය දූෂණයට ලක් කර ඇති අතර අසල්වැසි සීයා විසින් පසුගිය පෙබරවාරි 1 වැනි දින අදාල දැරිය මෙලෙස දූෂණයට ලක්කර තිබෙන බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන්නේ.
ඇගේ මිත්තණිය අසනීප වීම හේතුවෙන් ඇය මෙම ප්‍රදේශයට පැමිණ ඇති අතර ඉන් පසුවයි ඇය අදාල 32 හැවිරිදි තරුණයා සමග සම්බන්ධතාවක් පවත්වාගෙන තිබෙන්නේ. නමුත් අදාල සම්බන්ධතාවට කලක සිට මිත්තණිය විරුද්ධ වීම නිසා ඇය දැරියට පහර දී ඇති අතර ඇය පසුව ඇගේ ඇඳුම් බෑගයත් රැගෙන පසුගිය 1 වැනිදා නිවසින් පිටත්ව පෙම්වතාගේ නිවසට යාමට පැමිණ තිබෙනවා.
එහිදී ඒම මාර්ගයේ හමුවූ 51 හැවිරිදි පුද්ගලයා රාත්‍රියේ ගමන් නොකරන ලෙසත් ආරක්ෂාව පිණිස ඔහුගේ නිවසසේ කාමරයක රැඳි පසුදා උදෑසන යන ලෙසත් පවසා රැගෙන ගොස් ඇති අතර එහිදි අදාල පුද්ගලයා විසින්ද දැරිය දූෂණයට ලක් කර තිබෙන බවයි පොලීසිය පවසන්නේ.
කෙසේ නමුත් සැකකරුවන් දෙදෙනාම මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

