බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට අද(7) සහභාගී වන ලෙස ආරාධනා කර තිබෙනවා
මේ අනුව වේත්‍රධාරි කුෂාන් ජයරත්න කෙහෙළිය රඹුක්වැල්ලව පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව කෙහෙලිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේ ඉදිරි රැස්වීම් සියල්ලටද කැඳවා තිබෙනවා.
නමුත් හිටපු පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බවයි බන්ධනාගාර අරාංචි මාර්ග සඳහන් කළේ.

