2022 අවසානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7%ක් වූ අයවැය ප්‍රාථමික හිඟය, 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් කර ගැනීමට හැකිවූ බව ජනාධිපතිවරයා පවසයි.
නිදහසින් පසු ගෙවී ගිය 76 වසර තුළ ශ්‍රී ලංකාවට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කරගැනීමට හැකි වූ 6 වැනි අවස්ථාව මෙය බවත් ජනාධිපතිවරයා පැවසීය.
09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) මේ බව පැවසීය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩිකිරීමට කටයුතු කළ බවයි.
එමෙන්ම නුදුරේදීම රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගන්නා බවද ජනපතිවරයා පැවසීය.

