Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් සිර මැදිරියේදී සැකකරුවන්ට වස දීලා?

3 years ago

ආදුරුප්පු වීදිය පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට ආගන්තුක පුද්ගලයකු යම් වස වර්ගයක් මිශ්‍රකර ලබා දුන් කිරි පැකට් පානය කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගතකර ගත කළ බව ආදුරුප්පු වීදිය පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ එලෙස රෝගී වූ එක් පුද්ගලයකු ඉකුත් මස 24 වනදින රාත්‍රීයේ ආදුරුප්පු වීදිය ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පලා ගිය සැකකරු බවත් අනෙක් සැකකරු ඔත්තු බැලූ අයකු බවයි.

මෙම සැකකරුවන් දෙදෙනා ඇතුළු තවත් සැකකරුවන් කීපදෙනකු පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී ඊයේ (07) දහවල් පැමිණි පුද්ගලයකු කිරි පැකට් දෙකක් ඔවුන් දෙදෙනා වෙත ලබා දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මද වේලාවකදී එක් සැකකරුවකු කිරි පැකට්ටුවක් පානය කිරීමත් සමගම සිරමැදිරිය තුළ එකවරම සිහිසුන්ව ඇද වැටී ඇති අතර සුළු වේලාවක් ගත වීමත් සමග අනෙක් සැකකරුද ඒ අයුරින්ම සිරමැදිය තුළ ඇද වැටී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. (source – news19)