මිරිහාන, ජුබිලි මාවත ප්‍රදේශයේ නිවසකින් දින කිහිපයකට පෙර මිය ගිය බවට සැකකෙරෙන වයෝවෘද්ධ අඹුසැමි යුවළකගේ සිරුරු සොයා ගත් බව පොලිසිය පවසනවා.
එම නිවස පිහිටි ප්‍රදේශයෙන් දින කිහිපයක සිට දුගඳක් හමන බව අසල්වැසියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව මිරිහාන පොලිසිය විසින් එම නිවෙසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවෙසෙහි තිබූ ඇඳක් මත දින කිහිපයකට පෙර මියගිය වයෝවෘද්ධ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක්ද, මුළුතැන්ගෙයි තිබී නිරුවත් කාන්තා මළ සිරුරක්ද සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 80ක් වන අයෙක්ද, කාන්තාවට වයස අවුරුදු 96ක් ක්ද වන බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ ඉහත නිවසේ වාසයකළ අඹුසැමි යුවලකි.
මෙය ඝාතනයක්ද, නැතහොත් ස්වාභාවික මරණයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
මිරිහාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

