Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පියාගේ උත්සහය නිසා පුතුගේ දිවිය අනූ නවයෙන් බේරෙයි! පුතුගේ දෑස් ඉදිරිපිටම පියා අවසන් ගමන් යයි!

3 years ago

මදුරන්කුලිය, 10 කණුව ප්‍රදේශයේ දී තම පුතු පාසල් බස් රථයට නැංවීමට මාර්ගය අසල රැඳී සිටි පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස රිය අනතුරකට ලක්වීමෙන් ජීවිතයෙන් සමුගෙන තිබේ.

ඊයේ (09) උදෑසන අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මාර්ගය අසල සිටි එම පුද්ගලයාගේ ගැටී අනතුර සිදුව ඇති බවය.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වර්ණකුලසුරිය ජානත තිසේරා නම් එක්දරු පියෙකි.

හලාවත ප්‍රධාන පෙලේ පාසලක 9 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන එකම පුතුව පාසැල් යැවීම සඳහා නිවසේ සිට රැගෙන විත් මාර්ගය මාරුවී පාසැල් බස් රථය පැමිණෙන තුරු අනතුරට පත්වූ පුද්ගලයා මාර්ගය අසල රැඳී සිට ඇත.

එකවරම වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක් අධික වේගයෙන් එන අයුරු දැක බියට පත්වී ක්ෂණිකව ක්‍රියාත්මක වී ඇති පියා, පුතාව එකවරම අතින් ඈතට තල්ලු කර තිබේ.

ඒ සමගම එම ස්ථානයෙන් පිටවීමට පියා උත්සාහ කරනවාත් සමග මෝටර් රථයේ ගැටී අනතුර සිදුව තිබිණි.

පුතා ආසන්නයේ තිබූ අගලකට වැටී සිටි බවත් පියා ලේ විලක් මැද සිහිසුන්ව සිටි බවත් ප්‍රදේශවාසීන් පවසයි.

මෝටර් රථයට යටවී බරපතළ තුවාල ලබා සිටි පියා එම ස්ථානයේම මරණයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.

කෙසේවෙතත් අනතුර සමග පියාගේ වියෝව හේතුවෙන් පුතා මේ වනවිට දැඩි කම්පනයකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.

පියා විසින් සිදුකළ ක්‍රියාව හේතුවෙන් පුතාගේ ජීවිතය අනූනවයෙන් බේරුණු බවත් නැතිනම් දෙදෙනාම ජීවිතක්ෂයට පත්වීමට ඉඩතිබුණු බවත් පොලීසිය පැවසීය.

මෝටර් රථ රියදුරුට එකවර නින්ද යෑම සහ අධික වේගය අනතුරට හේතු වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු මදුරන්කුලිය පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක ගාමිණි වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ලබයි.