ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රියේ යාපනය ‘මුට්රවෙලි’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ ප්‍රසංගය නැරඹීමට ඉතා විශාල පැමිණි ප්‍රේක්ෂකය සංඛ්‍යාවක් පැමිණීම හේතුවෙන් අධික තදබදයක් ඇති වී තිබෙයි
පොලිස් ආරක්ෂක රැකවල් ද බිඳ දමමින් පිරිස ප්‍රසංග භූමියට ඇතුළු වි තිබේ.
මෙහිදී ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් රැසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පොලිසිය මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කර ඇත.
දකුණු ඉන්දීය සිනමා නිළි තමන්නා, රම්බා ඇතුළු සිනමා නිළියන් හා නළුවන් රැසක් ද ප්‍රසංගයට සහභාගි වූ බව සඳහන්ය.
මෙම ප්‍රසංගය සඳහා රුපියල් 25000, 7000 සහ 3,000 ලෙස විවිධ මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර අලෙවි කර ඇති අතර සිටගෙන නරඹන්නන් සඳහා නොමිලේ ප්‍රසංගය නැරඹීමට අවස්ථාව සලසා දී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම ප්‍රසංගය සඳහා සහභාගී වන නළුනිළියන් සමඟ ආහාර ගැනීමට සහ ඡායාරූප ගැනීමට රුපියල් 30,000ක් අය කිරීමටද පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

