මීරිගම මූලික රෝහලේ ළමා වාට්ටුවට පසුගිය 08 වැනිදා අලුයම් කාලයේ නිරුවතින් පුද්ගලයෙක් ඇතුළු වී තිබෙනවා.
සිරුරේ කිසිදු ඇඳුමක් නොමැති පුද්ගලයෙකු වාට්ටුවට ඇතුළු වී එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 13 හැවිරිදි දැරියක් නිදාගෙන සිටි ඇඳ මත වාඩිවී ඇති බවත් ඒ හේතුවෙන් වාට්ටුවේ සිටි පිරිස කලබලකාරී තත්ත්වයක් ඇති වු බවයි මීරිගම පොලිසිය සඳහන් කරන්නේ.
අලුයම දැරිය අවදිවී මෙම පුද්ගලයා දැක මහ හඬින් කෑ ගසා ඇති අතර ඒ සමඟ ම එම පුද්ගලයා පළා ගොස් ඇති අතරම රෝහල් කාර්යය මණ්ඩලය විසින් මේ බව පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීන් එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.


