Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අඩුම පඩි ලබන මිනිසුන් සිටින ලංකාවේ ලක්ෂ 16ක මාසික වැටුපක් ලබන ආණ්ඩුවේ ලොක්කා

3 years ago

රජයේ ප්‍රධාන පෙළේ අමාත්‍යංශයක ලේකම්වරයකු පසුගිය ජනවාරි මස සිට රුපියල් හත්ලක්ෂ දොළොස් දහසක (රු. 7,12,000) වැටුප් වර්ධකයක් ලබාගෙන ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඊට පෙර ඔහු ලැබූ මාසික වැටුප වූ රුපියල් 9,74,000 මේ වන විට මසකට රුපියල් 16,87,000 දක්වා ඉහළ නංවාගෙන තිබෙනවා.

මෙලෙස වැටුප් ඉහළ දමා ගැනීම පුදුම සහගත බව එම අමාත්‍යංශයට අදාළ වෘත්තිය සමිති කිහිපයක නායකයෝ සඳහන් කර තිබෙනවා.

එම අමාත්‍යංශ ලේකම්වරයා අදාළ අමාත්‍යංශයේ සේවය කරන්නේ ද්විතියික පදනමින් බවද එම වාර්තාවේ සඳහන්.

නමුත් එම පුවත්පත් වාර්තාවේ අදාළ අමාත්‍යංශ ලේකම්වරයාගේ නම හෝ අදාළ අමාත්‍යාංශය සඳහන් කර නොමැත.