Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළාත් හතරක කාලගුණය හෙට සිට වෙනස්වෙයි

3 years ago

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් හෙට පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දැනට වියලි කාලගුණයක් පවතින නැගෙනහිර සහ ඌව පළාත්වලද හෙට දිනයේ වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, දකුණ, වයඹ, ඌව සහ නැගෙනහිර යන පළාත්වලත් පැයට කිලෝ මීටර 40 ක් පමණ දක්වා තරමක තද සුළං ඇතිවිය හැකියි.