අභිමානවත් විදුහල්පති සේවයක් ගොඩනැගීම සඳහා සැවොම එක්වෙමු යන තේමාවෙන් විදුහල්පති සේවා සංගමය විසින් අද (12) අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා.
ඔවුන් ඉල්ලා සිටියේ උසස් වීම් සහ වැටුප් විෂමතාව වහා විසදා දෙන ලෙසයි.
එමෙන්ම මාණ්ඩලික සේවයේ දීමනා ලබාදීම දරුවන්ගේ පාසල් උපකරණ මිල වහාම අඩු කිරීම ආදී ඉල්ලීම් කිහිපයක්ද ඔවුන් ඉදිරිපත් කළේය.
අධ්‍යාපන අමාත්‍යවරයාට මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස බල කරමින් මෙම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයේ ඔවුන් නිරත වු අතර ඔවුන්ගෙන් සය දෙනෙකු අධ්‍යාපන අමාත්‍යංශය වෙත කැඳවා අමාත්‍යාංශයේ වසන්තා පෙරේරා ලේකම්තුමිය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු සතියක් තුළ මෙම ගැටළු පිළිබඳ විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වී තිබෙන බව ඔවුන් ප්‍රකාශ කර සිටියා.

