Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුහුඹු විශේෂයක් නිසා ගම්මාන කිහිපයක ජනතාව දුෂ්කරතාවක

3 years ago

උග්‍ර විෂ සහිත කුහුඹු විශේෂයක් හේතුවෙන් ඌව පරණගම බඹරපාන, කන්දේකුඹුර, හළාඹ ඇතුළු ගම්මාන කිහිපයක ගම්වැසියන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තා වේ.

ගම්වාසීන් පෙන්වාදෙන්නේ, මෙම කුහුඹු විශේෂයේ දෂ්ඨ කිරීම් හේතුවෙන් චර්ම රෝග පවා හටගන්නා බවයි.

මෙම කුහුබු විශේෂය ‘කොඩයා’ නමින් හඳුන්වන අතර ගම්මිරිස්, පොල්, පුවක් වැනි ශාකවල රංචු වශයෙන් ජීවත් වන බවද වාර්තා වේ.

මෙම කුහුඹුවන් වසංගතයක් තෙක් වර්ධනය වීමට ප්‍රථම එය මර්දනයට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.