Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පවතිණ උණුසම් කාලගුණය නිමාවන දිනය ගැන කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්! ශ්වසන රෝග හා විජලන තත්ත්වයන් ඇති වීමේ ඉඩකඩක්!

3 years ago

මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් ශ්වසන රෝග හා විජලන තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම අධික උණුසුම ලබන මාර්තු මාසය පමණ දක්වා පැවතිය හැකි බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම තත්ත්වය මත පාසල් දරුවන් හා වැඩිහිටි පිරිස් දැඩි ලෙස වෙහෙසවීමෙන් විවිධ සංකූලතාවලට ලක්විමේ හැකියාවක් පවතින බවයි.

අධික උණුසුම හමුවේ විජලන තත්ත්වය වළක්වා ගැනීම සඳහා හැකි පමණ ජලය පානය කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පැවසුවා.