Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

පොලිස් නිළධාරීන්ගේ වැඩි කළ දීමනා සම්බන්ධයෙන් ගත් නවතම තීරණය

3 years ago

පොලිස් නිලධාරින්ගේ සංයුක්ත දීමනාවට ඇතුළත් කළ ආහාර හා නවාතැන් දීමනාව කොටස් වශයෙන් ගෙවීමට තීරණය කර තිබේ.

අයවැයෙන් පොරොන්දු වූ පරිදි පොලිස් නිලධාරින්ගේ ආහාර හා නවාතැන් දීමනා සංයුක්ත දීමනාවට එක්කරන නමුත් ප්‍රමාණවත් මුදල් වෙන් නොවීම නිසා එම දීමනාව කොටස් වශයෙන් මේ වසර පුරාවටම ලබාදීමටත්, ගෙවීමට නොහැකි වන මුදල් ලබන වසරේ ජනවාරි, පෙබරවාරි හා මාර්තු මාසවලදී ගෙවීමටත් වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව හෙවත් බටා දීමනාව මෙම සතියේ මුල සිට ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ද පසුගිය සතියේ පවසා සිටියා.

ඒ අනුව එම දීමනා අද(13) සිට ලබාදීමට නියමිතයි.