Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යතුරු පැදියක් පරීක්ෂා කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක්! පොලිසිය හා යතුරු පැදිකරුවන් ගුටි ඇණගෙන!

3 years ago

යතුරුපැදියක් පරීක්ෂා කිරීමට යාමේදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසු පානදුර කොට්ඨාස රථවාහන අංශ නිලධාරීන් දෙදෙනා සහ යතුරුපැදියෙන් පැමිණි පානදුර අවට පදිංචිකරුවන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ.

මෙම නිළධාරීන් දෙදෙනා පානදුර වලාන පාළම ආසන්නයේ රථවාහන අංශ රාජකාරි යෙදී සිට ඇති අතර , මොරටුව දෙසින් පානදුර දෙසට යතුරුපැදියකින් තිදෙනෙකු පැමිණ ඇති අතර , එය නවතා පරීක්ෂා කිරීමේදී යතුරුපැදියේ පැමිණි දෙදෙනා කලහකාරී අන්දමින් හැසිරී යතුරුපැදියෙන් පැමිණි අයෙක් පොලිස් නිළධාරීයෙකුට පහරදී ඇති බවත් , ඉන්පසු දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත් සදහන් වන්නේ.

පසුව පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් යතුරුපැදියෙන් පැමිණි දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති අතර, එක් අයෙකු පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.

පහරකෑමට ලක්වූ සිව්දෙනාම පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.